කොරියාවේ විශේෂ දිනයන් 📅

 설날

දකුණු කොරියාවේ ජාතික සැමරුම් සහ සම්ප්‍රදායයන්ගෙන් එකක් වන සොල්නල් උත්සවය සෞභාග්‍යමත් නව වසරක් ප්‍රාර්ථනා කිරීමට අවස්ථාවක් කර ගත්තකි. මෙය චන්ද්‍ර දින දර්ශනයට අනුව ජනවාරි මාස පළමු දින සමරනු ලැබේ. සොල්නල් සැමරීමට හේතුව වනුයේ වැඩිහිටියන්ට උපහාර දැක්වීමට හා ආචාර දැක්වීමටය. අසල්වැසියන් සමග ආහාර බෙදා ගැනීම, ජන ක්‍රීඩාවල නිරත වීම  හා පවුල් සාම්ප්‍රදායික කොරියානු ඇඳුම වන වර්ණවත් හැන්බොක් වලින් සැරසීමත් මෙම උත්සවයේ සංස්කෘතිකාංග වේ.


추석

කොරියානු අලුත් අවුරුදු උත්සවය මෙන් සමරනු ලබන තවත් උත්සවයකි. චන්ද්‍ර දින දර්ශනයට අනුව අගෝස්තු මස 15 දින මෙය සමරනු ලබයි. කොරියාවේ අලුත් සහල් මංගල්‍යය 추석 ලෙස සමරයි. මෙහිදී තම අස්වැන්නේ පළමු කොටසින් විවිධ වර්ගයේ ආහාර සකස් කර තමන්ගේ මුතුන් මිත්තන්ට පිළිගන්වා උපහාර සිදු කරනු ලබයි.


삼일전

1991 මාර්තු 1 දින සිදු කරන ලද නිදහස් අරගලය සිහි කිරීම සැමරීමට මෙම දිනය වෙන් කර ඇත. නිදහස් අරගල ව්‍යාපාරයක් ගෙන ගියද එයින් ජය ගැනීමට නොහැකි විය. මෙම නිදහස් අරගලයට සහභාගි වූවන් මෙන්ම ජීවිතයෙන් සමුගත් අය අනුස්මරණ කිරීමට 삼일전 සමරනු ලබයි.


어린이날

කොරියාවේ ළමා දින සැමරුම මැයි මස 5 දින සිදු කරනු ලබයි. 어린이날 හදුන්වා දෙනු ලබන්නේ 방정환 නැමැත්තා විසිනි. 1923.05.01 පළමු ඉරු දින ළමා දිනය සැමරීම සිදු කළද යටත් විජිත කාලය තුළ එයට බාධා ඇති විය. 1945.08.15 කොරියාව යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසු 1946.05.05 දින ළමා දිනය සමරන ලදී. නිදහසින් පසු කොරියානුවන් සෑම වසරකම මැයි 5 දින ළමා දිනය සමරනු ලබයි.


한글날

කොරියානු හෝඩිය සොයා ගැනීම සැමරීමට මෙම දිනය වෙන කර ඇත. ඔක්තෝබර් මස 9 දින මෙය සමරනු ලබයි. එදිනට 한글 හෙවත් කොරියානු අකුරු යොදාගෙන විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි.


3 comments:

සුන්දර දකුණු කොරියාවේ ඍතු

  봄 - වසන්ත ඍතුව දකුණු කොරියාවේ වසන්ත කාලය පවතිනුයේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස වලදීය. මෙම කාලය තුළ සුළඟ සමග එන සිසිලස විඳගැනීමේ හැකියාව ඇ...