한국 음식🧑🍳
![]() |
| 김밥 |
![]() |
| 불고기 |
![]() |
| 김치찌개 |
![]() |
| 떡볶이 |
![]() |
| 짜장면 |
![]() |
| 만두 |
![]() |
| 파전 |
![]() |
| 순대 |
![]() |
| 삼계탕 |
가족👪
아버지 - අම්මා
어머니 - තාත්තා
나 - මම
오빠 - අයියා (ගැහැණු)
언니 - අක්කා (ගැහැණු)
형 - අයියා (පිරිමි)
누나 - අක්කා (පිරිමි)
남동생 - මල්ලි
여동생 - නංගි
할아버지 - සීයා
할머니 - ආච්චි
교실 용어
![]() |
책을 펴세요 - පොත විවෘත කරන්න
책을 덮으세요 - පොත වසා දමන්න
책을 보세요 - පොත බලන්න
읽어 보세요 - කියවන්න
써 보세요 - ලියන්න
잘 들어보세요 - හොදින් සවන් දෙන්න
잘 듣고 따라하세요 - හොදින් සවන් දී අනුගමනය කරන්න
칠판을 보세요 - කළු ලෑල්ල දෙස බලන්න
말해 보세요 - කියන්න උත්සාහ කරන්න
시작하세요 - ආරම්භ කරන්න
여기 보세요 - අවධානය ලබා දෙන්න
이해했어요? - තේරුණාද?
질문 있어요? - ප්‍රශ්න තියනවද?
네, 있어요 - ඔව්, තියනවා
아니요, 없어요 - නෑ, නැත
대답하세요 - පිළිතුරු දෙන්න
한글
කොරියානු හෝඩිය ක්‍රිස්තු වර්ෂ 1443 වර්ෂයේ ජේසොං රාජධානි සමයේ සේජෝං රජු සහ තවත් විද්වතුන්ගේ එකතුවෙන් සාමාන්‍ය ජනයාට පවා තේරුම් ගත හැකි අක්ෂර මාලාවක් නිර්මාණය කර ගන්නා ලදී. එය කොරියානු හෝඩිය යි.
කොරියානු හෝඩිය සම්පූර්ණ අක්ෂර 40කි. මෙහි ස්වර අක්ෂර 21ක් සහ ව්‍යංජන අක්ෂර 19කි. මෙම ස්වර අක්ෂර නැවත මූලික ස්වර සහ සංයුක්ත ස්වර ලෙසත් ව්‍යංජන අක්ෂර මූලික ව්‍යංජන සහ සංයුක්ත ව්‍යංජන ලෙසත් කොටස් දෙකකට වර්ග වේ. මෙලෙස මූලික ස්වර 10ක්ද සංයුක්ත ස්වර 11ක්ද මූලික ව්‍යංජන 14ක්ද සංයුක්ත ව්‍යංජන 5ක්ද වේ.
මෙම සියලු අක්ෂරයන්ට වෙනස් වූ නමක් සහ ශබ්දයක් ඇත. ලොව රජ කෙනෙකු විසින් නිර්මාණය කළ පළමු සහ එකම හෝඩිය වන කොරියානු හෝඩියෙහි ස්වර නිර්මාණය කිරීමේදී අහස, පොළොව සහ මිනිසා යන සංකල්ප යොදා ගෙන ඇත. එසේම ව්‍යංජන අක්ෂර නිර්මාණය කිරීමේදී උච්චාරණ අවයවයන්ගේ හැඩය ද සලකා බලා ඇත.
නැගෙනහිර ආසියාවේ පිහිටා ඇති කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටස නිල වශයෙන් හැඳින්වෙන්නේ "කොරියානු ජනරජය" ලෙසයි. මෙහි උතුරු සීමාව වන්නේ උතුරු කොරියානු හා දකුණු කොරියානු රාජ්‍ය අතර පිහිටි යුද මුක්ත කලාපයයි. නැගෙනහිරින් ජපන් මුහුදත්, බටහිරින් කහ මුහුදත්, දකුණින් නැගෙනහිර චීන මුහුදත් දකුණු කොරියාවේ අනිකුත් සීමාවන්ය. "සෝල්" එහි අග නගරයයි.
1910 වසරේ ජපන් අධිරාජ්‍යයට නතු වූ මෙම භූමිය 1945 දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජයට පත්වන තුරුම ජපන් අධිරාජ්‍යයේ කොටසක් ලෙස පැවතුණු අතර ඉන්පසු මෙම භූමිය උතුරු හා දකුණු වශයෙන් දෙකට බෙදුණු අතර උතුරු කොරියාව සෝවියට් සංගමය විසිනුත් දකුණු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය විසිනුත් පාලනය විය. නැවත එක්සත් වීම සඳහා කළ සාකච්ඡා සාර්ථක වූයෙන් 1948 දී වෙනම රාජ්‍යයන් දෙකක් බිහිවුණා. 1950 දී උතුරු කොරියාව චීනයේ සහ සෝවියට් සංගමයේ සහයෝගය ඇතිව දකුණට එරෙහිව යුධ වැදුණු අතර එහිදී දකුණු කොරියාවට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලැබුණි. වසර තුනක් පුරා පැවැති කොරියානු යුද්ධයේදී ඇමරිකානුවන් සහ කොරියානුවන් ඇතුළු ලක්ෂ ගණනකට ජීවිත අහිමි විය.
වර්තමානය වන විට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ දියුණුවේ හිනිපෙත්තටම නැග සිටින දකුණු කොරියාව ලොව වේගවත්ම අන්තර්ජාල පහසුකම් සිය රටවැසියන්ට ලබා දී ඇත.
봄 - වසන්ත ඍතුව දකුණු කොරියාවේ වසන්ත කාලය පවතිනුයේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස වලදීය. මෙම කාලය තුළ සුළඟ සමග එන සිසිලස විඳගැනීමේ හැකියාව ඇ...