දකුණු කොරියාවේ වසන්ත කාලය පවතිනුයේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස වලදීය. මෙම කාලය තුළ සුළඟ සමග එන සිසිලස විඳගැනීමේ හැකියාව ඇත. මේ කාලයට කොරියාව පුරා මල් පිපෙන අතර 꽂구경 නැමති මල් නැරඹීමට යාම විශේෂත්වයකි.
여름 - ග්‍රීෂ්ම ඍතුව
දකුණු කොරියාවේ ග්‍රීෂ්ම ඍතුව ජූනි, ජූලි, අගෝස්තු යන මාසවලදී පවතී. දැඩි උණුසුම් කාලගුණයක් පවතින අතර ග්‍රීෂ්ම ඍතුවේ මැද අධික වර්ෂාවක් ඇති වන අතර වැසි කාලයෙන් පසු අධික උණුසුමක් පවතී. අධිකව පවතින උණුසුම හේතුවෙන් මුහුදු වෙරළවල මිනිසුන් රැඳී සිටීමත් විනෝද චාරිකා යාමත් දැකිය හැකිය. අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් තෙහෙට්ටු ගතිය ඇතිවීම නිසා ශරීරය ශක්තිමත් වීමට විවිධ ආහාර ගැනීම සිදු කරයි. 삼개담, 수박, 파인애플, 아이스크림 යනාදි ආහාර මේ කාලය තුළ ගනු ලබයි.
가을 - සරත් ඍතුව
දකුණු කොරියාවේ සරත් ඍතුව "가을" යනුවෙන් හඳුන්වනවා සරත් ඍතුව, ගිම්හානය හා ශීත ඍතු අතර පවතින ඍතුවයි. මෙය සැප්තැම්බර් මස අග භාගයෙන් ආරම්භ වී නොවැම්බර් මස අග භාගය දක්වා පවතී. ගිම්හාන ඍතුවේදී තිබු අධික උෂ්ණත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වී, ගස් වල කොළ වියළි හැලී යාම මෙම කාලය තුළ සිදු වේ. සරත් ඍතුවේදී උදැසන හා රාත්‍රී කාලයන්හි දී සීතලත් , දහවලේදී උණුසුමත් පැවතෙන අතර ගිම්හානයට වඩා වැඩි රාත්‍රී කාලයත් දැකිය හැකි වේ. එනම් ගතට සෞම්‍ය සිසිල් බවක් දැනේ. ගස් වල කොළ රතු, කහ, තැඹිලි වැනි පැහැයන් බවට හැරී කොළ හැලී යාම හේතුවෙන් පරිසරයට අලංකාරය මෙන්ම සුන්දරත්වයක් එක්වේ. කොරියානු ජාතිකයින් මෙන්ම විදේශිකයින් ද මෙම කාලයේදී කොළ වල පැහැය වෙනස් වීම නැරඹීමට ප්‍රිය කරයි.
겨울 - සීත ඍතුව
සුන්දර දකුණු කොරියාවේ සීත කාලය දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස වලදී පවතී. අධික සීතලක් ඇති අතර හිම වැටෙන කාලගුණ තත්ත්වයක් මෙම කාලය තුළ දැකිය හැකිය. සාමාන්‍යයෙන් සීත කාලයේ උෂ්ණත්වය -20°C පමණ වේ. හිම සෙල්ලම් කිරීම මේ කාලය තුළ සිදු කරයි. ශීත කාලය තුළ 팥죽, 군고구마, 찐빵 යන ආහාර වර්ග උණුවෙන් ආහාරයට ගැනීම සිදු කරනු ලබයි. අධික සීතල හේතුවෙන් කොරියාව තුළ ජීවත්ව සිටින අය සීත ඇඳුම් පැළඳීමත් මෙම කාලය තුළ දැකිය හැකිය.



















