නැගෙනහිර ආසියාවේ පිහිටා ඇති කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටස නිල වශයෙන් හැඳින්වෙන්නේ "කොරියානු ජනරජය" ලෙසයි. මෙහි උතුරු සීමාව වන්නේ උතුරු කොරියානු හා දකුණු කොරියානු රාජ්‍ය අතර පිහිටි යුද මුක්ත කලාපයයි. නැගෙනහිරින් ජපන් මුහුදත්, බටහිරින් කහ මුහුදත්, දකුණින් නැගෙනහිර චීන මුහුදත් දකුණු කොරියාවේ අනිකුත් සීමාවන්ය. "සෝල්" එහි අග නගරයයි.
1910 වසරේ ජපන් අධිරාජ්‍යයට නතු වූ මෙම භූමිය 1945 දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජයට පත්වන තුරුම ජපන් අධිරාජ්‍යයේ කොටසක් ලෙස පැවතුණු අතර ඉන්පසු මෙම භූමිය උතුරු හා දකුණු වශයෙන් දෙකට බෙදුණු අතර උතුරු කොරියාව සෝවියට් සංගමය විසිනුත් දකුණු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය විසිනුත් පාලනය විය. නැවත එක්සත් වීම සඳහා කළ සාකච්ඡා සාර්ථක වූයෙන් 1948 දී වෙනම රාජ්‍යයන් දෙකක් බිහිවුණා. 1950 දී උතුරු කොරියාව චීනයේ සහ සෝවියට් සංගමයේ සහයෝගය ඇතිව දකුණට එරෙහිව යුධ වැදුණු අතර එහිදී දකුණු කොරියාවට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලැබුණි. වසර තුනක් පුරා පැවැති කොරියානු යුද්ධයේදී ඇමරිකානුවන් සහ කොරියානුවන් ඇතුළු ලක්ෂ ගණනකට ජීවිත අහිමි විය.
වර්තමානය වන විට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ දියුණුවේ හිනිපෙත්තටම නැග සිටින දකුණු කොරියාව ලොව වේගවත්ම අන්තර්ජාල පහසුකම් සිය රටවැසියන්ට ලබා දී ඇත.
