කොරියානු හෝඩිය 한글

 한글

කොරියානු හෝඩිය ක්‍රිස්තු වර්ෂ 1443  වර්ෂයේ ජේසොං රාජධානි සමයේ සේජෝං රජු සහ තවත් විද්වතුන්ගේ එකතුවෙන් සාමාන්‍ය ජනයාට පවා තේරුම් ගත හැකි අක්ෂර මාලාවක් නිර්මාණය කර ගන්නා ලදී. එය කොරියානු හෝඩිය යි. 

කොරියානු හෝඩිය සම්පූර්ණ අක්ෂර 40කි. මෙහි ස්වර අක්ෂර 21ක් සහ ව්‍යංජන අක්ෂර 19කි. මෙම ස්වර අක්ෂර නැවත මූලික ස්වර  සහ සංයුක්ත ස්වර ලෙසත් ව්‍යංජන අක්ෂර මූලික ව්‍යංජන සහ සංයුක්ත ව්‍යංජන ලෙසත් කොටස් දෙකකට වර්ග වේ. මෙලෙස මූලික ස්වර 10ක්ද සංයුක්ත ස්වර 11ක්ද මූලික ව්‍යංජන 14ක්ද සංයුක්ත ව්‍යංජන 5ක්ද වේ.

මෙම සියලු අක්ෂරයන්ට වෙනස් වූ නමක් සහ ශබ්දයක් ඇත. ලොව රජ කෙනෙකු විසින් නිර්මාණය කළ පළමු සහ එකම හෝඩිය වන කොරියානු හෝඩියෙහි ස්වර නිර්මාණය කිරීමේදී අහස, පොළොව සහ මිනිසා යන සංකල්ප යොදා ගෙන ඇත. එසේම ව්‍යංජන අක්ෂර නිර්මාණය කිරීමේදී උච්චාරණ අවයවයන්ගේ හැඩය ද සලකා බලා ඇත.



 


14 comments:

සුන්දර දකුණු කොරියාවේ ඍතු

  봄 - වසන්ත ඍතුව දකුණු කොරියාවේ වසන්ත කාලය පවතිනුයේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස වලදීය. මෙම කාලය තුළ සුළඟ සමග එන සිසිලස විඳගැනීමේ හැකියාව ඇ...